අලුත් අවුරුදු සමයේ දින 10ක් තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් කෝටි 66ක (මිලියන 660ක) ආදායමක් උපයා තිබේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමිබ්මි බලා යන ජනතාවට යෙදූ විශේෂ බස් සේවාව මඟින් මේ ආදායම උපයා ඇති බව එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා දිනමිණට ඊයේ (23) පැවසීය.
ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ, රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහත්වරුන්ගේ උපදෙස් අනුව යෙදූ විශේෂ බස් සේවාව මේ ආදායම උපයා ඇත්තේ අප්‍රේල් මස 10ත් 20ත් අතර කාලය තුළ බව කියා සිටි සභාපතිවරයා එම කාලය තුළ බස් රථ 5,000ක් පමණ ධාවනය වූ බව කියා සිටියේය.