හරීන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නෑ

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ කර ඇති ප්‍රකාශයක් පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැති බවටයි. පාර්ලිමේන්තුව තුළ කර ඇති ප්‍රකාශයකට එරෙහිව මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති අතර පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසද ඇමැතිවරයා පැවසීය. එබැවින් චණ්ඩියකු සේ විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් ජනතාව මුළා කර සැඟවී නොසිට පැමිණෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවසීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් තිබෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔබතුමන්ලා හරියට ඒ කාලයේ වැඩ කටයුතු කළා නම් මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය වුණායින් පසුවත් නීතිය හරියට ක්‍රියාත්මක කළා නම්, ඔබතුමන්ලා ඡන්දෙන් පරදින්නේ නැහැ. ඒවා නොකරපු නිසා තමයි ඡන්දයෙන් තමුන්නාන්සේලා පැරදුණේ. ඒක හොඳට දන්න අගමැති කෙනෙක් ජනාධිපති කෙනෙක් ඉන්න ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයකට අත්අඩංගුවට ගන්නේ නැහැ. මම දන්නවා මට සිද්ධ වුණ දේවල්. අනුර දිසානායකත් ඒකට එකඟ වෙයි. කිසිම මන්ත්‍රීවරයකුට අසාධාරණයක් වෙනවට මම එකඟ වෙන්නේ නැහැ. ඒක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. නමුත් පාස්කු ප්‍රහාරයේ කොමිසම් වාර්තාවේ ඉංග්‍රීසි පිටපත ආවයින් පසු දවස් 22කට පස්සෙ සිංහල පරිවර්තනය කරලා චමල් රාජපක්ෂ මහතාගේ කොමිටිය පත් කරද්දිම ජනාධිපතිවරයා මෙය නීතිපතිවරයාටත්, ඒ වගේම සී.අයි.ඩී.යටත්, ටී.අයි.ඩී.යටත් නීතිපතිටත් නීතිය පැත්තෙන් ප්‍රශ්න කිරීම් කරන්න ඉදිරියට ප්‍රශ්න කිරීම් කරන්න ජනාධිපතිවරයා භාර දුන්නා. නමුත් තමුන්නාන්සේලා එතකොටත් එතුමාට මඩ ගැහුවා. අපි තමුන්නාන්සේලා වගේ අඩබෙර ගහන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. බොහොම සද්භාවයෙන් මේ කටයුතු රජය විසින් කරගෙන යනවා. යැයිද හෙතෙම සදහන් කලේය.


උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment