වියළි මිදි යැයි කියා ඉන්දියාවෙන් කහ කිලෝ 14,000ක් ගෙනල්ලා

ශ්‍රී ලංකා රේගුව විසින් වියළි මිදි බහාලන පෙට්ටි තුළ සඟවා ඉන්දියාවෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ 14,000කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. වියළි මිදි ගෙන්වන බවට රේගුවට ලිපි ලේඛන ඉදිරිපත් කර මේ කහ තොගය ආනයනය කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා රේගු ආර්.සී.ටී. බහලුම් පර්යන්තයේ ගබඩා කර තිබෙන බහලුමකින් මේ කහ තොගය සොයා ගත් බවත් වියළි මිදි කිලෝ 10 බැගින් ඇතුළත් යැයි සඳහන් පෙට්ටි 1,965කින් පෙට්ටි 765ක මේ කහ තොගය සූක්‍ෂ්ම ලෙස සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ ආකාරයටම සඟවා තිබූ වියළි කහ කිලෝ 7,110ක් සොයා ගැනීමට රේගුව ඉකුත් 21දා සමත් වූ අතර, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේ තවත් කන්ටේනර් දෙකක් පරීක්ෂා කරමින් පවතින බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment