මැලේසියාවේ සිට මෙහෙයවන කුඩු ජාවාරමක සුලමුල හෙළි වෙයි

මැලේසියාවේ සිට පාතාල සාමාජික සයිමා මෙහෙයවූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධනුෂ්ක නොහොත් සයිමා විසින් මැලේසියාවේ සිට මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය සමත් වී තිබේ. පොලිස් බල ප්‍රදේශ 16ක් තුළ ඉකුත් 19දා සිට පසුගිය සඳුදා දක්වා කරන ලද මෙහෙයුම්වලදී මේ මහා පරිමාණ මත්ජාවාරම හඳුනා ගෙන තිබෙන අතර, එය මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී පවත්වා ගෙන ගොස් තිබෙන බව බුද්ධි කොට්ඨාසය පවසයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රත්මලානේ රොහා නමැත්තාගේ සහායකයකු වන මැලේසියාවේ සිටින ධනුෂ්ක නොහොත් සයිමා නැමැත්තාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස පොලිස් වසමේ මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ රහසිගත ස්ථානයක සිට හෙරොයින් පැකට් කර බෙදා හරින බවට ලද තොරතුරකට අනුව ඉකුත් 22 වැනිදා මේ වැටලීම කර තිබේ.

රත්මලානේ සංවිධානාත්මක අපරාධ ජාවාරම්කරුවකු වන ෂේන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහු සමඟ තවත් සැකකරුවන් තිදෙනකු හෙරොයින් ග්රෑම් 361.910ක් සමඟ මෙහිදී අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරනච්චාරිගේ ෂේන් යොහාන් රාජපක්ෂ නොහොත් ෂේන් (39) නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ හෙරොයින් ග්රෑම් 250.640ක්ද ගුරුසිංහ ආරචිචිලාගේ පැතුම් සමීර (27) සන්තකයේ ග්රෑම් 47.290ක්ද ලියනගේ රසික සම්පත් පෙරේරා (48) සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 45.510ක බරින් යුතු හෙරොයින් පැකට් 503ක්ද අලුත්ගම හේවගේ මංජුල විදුරංග හේවාවිතාරණ (21) සන්තකයේ තබා ගෙන සිටි හෙරොයින් ග්රෑම් 18.470ක බරින් යුතු හෙරොයින් පැකට් 202ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ජාවාරම් කළ බව කියන නිවෙස සෝදිසි කිරීමේදී හෙරොයින් බර කිරීමට භාවිත කරන විද්යුත් තරාදියක්, හෙරොයින් පැකට් කිරීමට ගන්නා විශේෂිත උපකරණයක්, මත්ද්‍රව්‍ය තැවරීම තිබූ විවිධ ප්‍රමාණයේ වීදුරු කැබලි මත්ද්‍රව්‍ය ඇසිරීම භාවිත කරනු ලබන Levis ලෙස මුද්‍රණය කර ඇති සමචතුරස්‍රාකාර හැඩයේ මුද්‍රිත කඩදාසි කැබලි 5,200ක්, මත්ද්‍රව්‍ය කොටස් කිරීමට ගන්නා, හෙරොයින් තැවරී තිබූ බ්ලේඩ් තල කිහිපයක් සොයා ගෙන ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment