රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් අද (24) අළුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. 


උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment