2023 දී ආණ්ඩුව පෙරලෙනකන් බලාගෙන ඉන්න හිරුණිකා කියන කතාව

‘‘කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නඟන්න තිබෙන මැයි දිනය මේ ආණ්ඩුව කොරෝනා මුවාවෙන් දැන් නවත්වන්න හදනවා. ආණ්ඩුව සෞඛ්‍ය නීති කඩා නුවරඑළිය වසන්ත සැණකෙළිය පැවැත්වූවා. ඒවට මොන කොරෝනාවත් නැහැ’’ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පුවත්පතකට පැවසුවාය.
 
මැයි දිනය දා ආණ්ඩුවට එල්ල වන නොයෙක් විරෝධයන් වළක්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුව මැයි දින රැලි නැවැත්වීමට පියවර ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.
 
මෙහිදී ඇය මෙසේ ද කියා සිටියාය.

“දැන් පසුගිය අවුරුදු සමයේ ආණ්ඩුව නුවරඑළිය වසන්ත සැණකෙළිය පැවැත්වූවා. ඒ දිනවල කොරෝනාව සාමාන්‍ය වෛරසයක් බවට ආණ්ඩුව පත් කරලයි තිබුණේ. එතකොට මැයි දින රැුලිය එන බව දැන දැනම ආණ්ඩුව එකපාරටම මේ කොරෝනා  රෝගීන් වැඩි වෙලා කියලා පවසමින් මැයි දින රැලිය නවත්වා තිබෙනවා. ආණ්ඩුවේම ඉන්න ගම්මන්පිලලා, විමල් වීරවංශලා වෙන වෙනම රැලි පැවැත්වූවාම මොන මොන දේවල් කියයි ද කියලා ආණ්ඩුව බය වෙලා. ඒ විතරක් නෙවෙයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් වෙනම මැයි දින රැුලිය පැවැත්වූවාම ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ බලය බිඳෙනවා. අන්න ඒ බයටයි මැයි රැලි නැවැත්වූවේ. කොහොමත් මේ ජනතාව හූරාගෙන කන බොරුවෙන් දුවන ආණ්ඩුව 2023 දී ඉවරෙටම ඉවරයි. අනිවාර්යයෙන්ම පෙරළෙනවා. ජනතාවට දැන් මේ ආණ්ඩුව තිත්ත වෙලයි තියෙන්නේ.”

Related posts

Leave a Comment