නිරෝධායන තීති කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම් දිගටම

ඊයේ (24) දිනය තුළදී මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම පුද්ගලයින් වැඩි පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඒ මහතා පැවසීය. මුහුණු ආවරණ නොපැළඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. 2020 ඔක්තෝබර් 31වන දා සිට මේ දක්වා එලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ පුද්ගලයින් 3470 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

Related posts

Leave a Comment