ඊශ්‍රායල සෞඛ්‍ය අංශ පවසන්නේ ඊශ්‍රායලයේ මාස 10කට පසුව ප්‍රථම වතාවට දෛනිකව එකදු කොවිඩ්-19 මරණයක් හෝ වාර්තා කර නොමැති බවටයි. එරට ලෝකයේ එන්නත්කරණය වේගවත්ව සිදුකළ රටවල් අතර ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ඊශ්‍රායලය සැලකෙන අතර, ඔවුන් සිය ජනතාවට එන්නත් ලබාදීම සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී වැඩපිළිවෙළක් ඉතා දූරදර්ශීව ඉටුකළ රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයේ පාලකයන් හා රජයද ජනතා පැසසුමට ලක්වෙමිනි. ඒ අනුව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ ඊශ්‍රායලයේ මිලියන නවයක ජනගහනයෙන් 53%කට වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලැබී ඇති බවටයි.
ඊශ්‍රායලයේ මාස 10කට පසු එකදු කොරොනා මරණයක් නෑ
