මෙරට ගෑස් ප්‍රමුඛයා වන “ලිට්‍රෝ” මඟ යමින් ලාෆ්ස් සමාගමත් සිය ලීටර් 18 ගෑස් සිලින්ඩරය නිකුත් කරයි

මේ දිනවල මෙරට වෙළෙඳපොලේ ගෑස් සිලින්ඩර සම්බන්ධව වැඩි වධානයක් යොමුව ඇත්තේ ලිට්‍රෝ සමාගම (Litro Gas Lanka) විසින් වෙළෙඳපොළට නිකුත් කරන ලද සිය නවතම නිෂ්පාදනය වන ලීටර් 18ක හයිබ්‍රිඩ් ප්‍රිමියම් ගෑස් සිලින්ඩරයත් සමඟිනි.

මෙරට ගෑස් වෙළෙඳපොලේ ප්‍රමුඛයා වන ලිට්රෝ සමාගම වසර 150කත අධික කාලයක් මෙරට ගෑස් වෙළෙඳපොලේ සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවන අතර ඔවුන් සිය නිෂ්පාදන ජාත්‍යන්තර තත්ත්ව හා ප්‍රමිතීන්ට අනුව නව තාක්ෂණික හා ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙරටට හඳුන්වා දීම කාලයෙන් කාලයට සිදු කරන්නේ ලෝකයේ වෙනත් රටවල් වල ජනතාව අත්විදින සේවාව ඊට සමගාමීව මෙරට ජනතාවටද සිය නිෂ්පාදන හරහා ලබා දෙමින්ය.

ඒ අනුව යමින් ලිට්රෝ සමාගම හඳුන්වා දුන් ඉහල ප්‍රමිතියෙන් යුතු “Litro Premium Hybrid Pack” හරහා පාරිභෝගිකයින්ට ඉතා කාර්යක්ෂමව සිය ගෑස් අවශ්‍යතාවය සපුරාගැනීමට හැකි වන බවට සමාගම සහතික වන අතර එය පෙර භාවිතා කල සාමාන්‍ය ගෑස් සිලින්ඩරයට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් අත් කරදෙන බවයි සඳහන් වන්නේ. ලිට්‍රෝ ගෑස් ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමල් වික්‍රමසිංහ මහතා පවසන්නේ නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරයට වැඩි පිරවුම් කාර්යක්ෂමතාවයක් ඇති බවයි. “එය ප්‍රොපේන් බියුටේන් LPG මිශ්‍රණයේ ප්‍රශස්ත ප්‍රොපේන් සංගටකයක් ඇති බැවින් එමඟින් වැඩි වාෂ්ප අවකාශයක් සහතික කරයි. ඒ අනුව වැඩි ආරක්ෂාවක් සහිත කාර්යක්ෂම දහනයක් ඔහුන් සහතික කරනවා.

කෙසේ වෙතත් මේ නිෂ්පාදනය සම්බන්ධයෙන් විවිධ මත හා ප්‍රචාර පැතිර යමින් තිබෙන්නේ ගෑස් ප්‍රමාණය අඩු කර මිල අඩු කිරීම සමාගමේ ප්‍රෝඩාවක් බවයි නමුත් සත්‍ය කරණය නම් නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ලීටර් 18 සිලින්ඩරය පෙර පැවති නිෂ්පාදන වලට වඩා කාර්යක්ෂම බවයි. එය සතයක් බවට ඔප්පු කරමින් ලිට්‍රෝ සමාගම අනුගමනය කරමින් මෙරට ගෑස් අලෙවි සමාගමක් වන ලාෆ් ගෑස් සමාගමද කිසිදු ප්‍රචාරයකින් තොරවම ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලිට්‍රෝ පුරෝගාමියා සිදුකල නව නිෂ්පාදන හඳුන්වාදීම ඉතා සාර්ථක බැවින් ලාෆ් සමාගමද සිය වෙළෙඳපොල රැක ගැනීම උදෙසා මෙසේ ලීටර් 18 සිලින්ඩරය නිකුත් කිරීම තුල අදාළ නිෂ්පාදනය සාර්ථක බව සාක්ෂි සහිතව ඔප්පු කොට අවසානය.

ලාෆ් සමාගම නිකුත් කල ලීටර් 18 ගෑස් සිලින්ඩරය මෙන්න…

Related posts

Leave a Comment