කොටි බෝම්බ යාපනයෙන් මතු වෙයි

යාපනය වැල්වැටිතුරෙයි පොලිකණ්ඩි ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ හඳුනානොගත් බෝම්බ ඇතුලු බිම් බෝම්බ තොගයක් අද (25) සොයාගත් බව පොලිසිය කියයි.

එම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව පොලිකණ්ඩි ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක ප්ලාස්ටික් බැරලයක බහා වලදමා තිබියදී යුදහමුදා සෙබලුන් විසින් මෙම බෝම්බ තොගය සොයාගනු ලැබීය.

එහිදී ප්ලාස්ටික බැරලය තුළ තිබී හඳුනානොගත් බෝම්බ 05 ක් තිබී සොයාගෙන ඇති අතර එම බෝම්බ ටෝපිඩෝ වර්ගයට අයත් බෝම්බ බවට ආරක්ෂක අංශ සැකපල කර සිටියි.

එමෙන්ම අදාල බැරලය තුල තිබී තවත් බිම්බෝම්බ 16 ක් තිබී සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් අදාල ස්ථානයේ වලදමා ඇති බව සැක පල කරන බවටත් මේ වන විට එම බෝම්බ අබලන් තත්වයේ පසුවන බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මේ අනුව අදාල හඳුනානොගත් බෝම්බ අද (25) දින හඳුනාගැනීමෙන් පසුවඅධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවද  යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.

Related posts

Leave a Comment