නිරෝධායන නීති කඩන්නන් ඇල්ලීම වේගවත් කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය, පොකුරු නිර්මාණය වීම සළකා බලමින් මුහුණු ආවරණ නොපලදින, සමාජ දුරස්තභාවය ආරක්ෂා නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වර්ධනය කළ බවයි. ඒ අනුව ඊයේ දිනයේදී  එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. නිරෝධායන නීති කඩ කිරීම වෙනුවෙන් එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පරිස මෙය වන බවත් ඔවුන්ට එරෙහිව නිරෝධායනය හා රෝග වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් හා නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඒ මහතා කියා සිටියේය.

Related posts

Leave a Comment