නේපාල කොවිඩ් ආසාදිතයන් 300,000ක සීමාවත් ඉක්මවයි

නේපාලයේ කොවිඩ්-19 ආසාදිතයන් 300,000ක් ඉක්මවා ගොස් ඇති අතර, පසුගිය ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 3,122ක් වාර්තා වී ඇති බව නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය පවසයි. කොරෝනා වෛරස වසංගතයෙන් ඉරිදා නව මරණ 28ක් වාර්තා වූ අතර, එය මාස පහකට ආසන්න කාලයක් තුළ වාර්තාගත ඉහළ අගයක් ගනී. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, වසංගතයේ දෙවැනි රැල්ලෙන් පීඩා විඳින හිමාලයානු රාජ්‍යයේ වසංගතය හේතුවෙන් මේ දක්වා ආසාදිතයන් 300,119ක් තහවුරු වී තිබේ. PCR පරීක්ෂණ මගින් නව ආසාදිතයන් 3,032ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් නව ආසාදන 90ක් නේපාලය විසින් ඉරිදා අනාවරණය කරන ලදී. “පරීක්ෂණ ඉහළ යාමත් සමඟම තහවුරු වූ සිද්ධීන් ද ඉහළ යමින් තිබෙනවා” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශකයෙක් කීය. එහිදී ගෙවුණු දිනයේදී නේපාලය PCR පරීක්ෂණ 9,292ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 786ක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්ගතව සිටින රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින හෙයින්, විශේෂයෙන්ම රටේ කොවිඩ්-19 මගින් වඩාත් පීඩාවට පත් දිස්ත්‍රික්ක 15ක රෝහල් ධාරිතාවද ඉක්වමින් තිබෙන බව කියයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. “ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා” එරට සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

Related posts

Leave a Comment