ටිපර් – ට්‍රක් ගැටී හමුදා සෙබළු 13ක් රෝහලට

යාපනය කෝපායි උරුම්පිරායි හන්දියේදී අද (26) අලුයම යුදහමුදා ට්‍රක් රථයක් හා වැලි පිටවූ ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් යුදහමුදා සෙබළුන් 13 දෙනකු ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි හයවන සංඥා බළකායේ නිවාඩු යන යුදහමුදා සෙබළුන් පිරිසක්  ට්‍රක් රථයකින් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ට්‍රක් රථයේ ගමන් ගත් යුදහමුදා සෙබළුන් 13 දෙනකු සහ  ටිපර් රථයේ රියදුරු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කොට ඇති අතර තුවාල ලැබූ යුදහමුදා සෙබළුන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

Leave a Comment