රැකියා ස්ථානයේ සගයන්ට වුවමනාවෙන්ම කොරෝනා බෝ කරලා

රැකියා ස්ථානයේ සගයන්ට වුවමනාවෙන්ම කොරෝනා වයිරසය ආසාදනය කළ බවට සැක කෙරෙන පුද්ගලයකු ස්පාඤ්ඤයේ මයෝකා දූපතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දින කිහිපයක් තිස්සේ කැස්ස සහ සෙන්ටිග්‍රේඩ් අංශක 40ක (ෆැරන්හයිට් අංශක 104 ක) උණ තිබියදී ද ඔහු තම රැකියා ස්ථානයට සහ ශාරීරික ව්‍යායාම කරන මධ්‍යස්ථානයට පැමිණ ඇතැයි චෝදනා එල්ල වී ඇත.

රැකියා ස්ථානයේ නිලධාරීන් ඔහුට නිවෙස වෙත යන ලෙස දැනුම් දී ඇතත් ඔහු ඊට අවනත වී නැති අතර දිගින් දිගටම රැකියාවට පැමිණ තිබේ.

ඔහු පී.සී.ආර් පරීක්ෂණයකට පෙනී සිට ඇති අතර එහි වාර්තා පැමිණෙන තෙක්ද නොසිට රැකියාවට පැමිණ තිබේ.

එක් අවස්ථාවක මෙම පුද්ගලයා ඔහුගේ කාර්යාල සගයන් අතරදී මුහුණු ආවරණය ඉවත් කර කහිමින්, තමා ඔවුන්ටද වයිරසය ආසාදනය කරන බව පවසා ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් වාර්තාවෙන් තහවුරු වී ඇති අතර රැකියා ස්ථානයේ 05දෙනෙකුට සහ ව්‍යායාම මධ්‍යස්ථානයේ 03දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව පසුව අනාවරණය වී ඇත.

ඔහුගේ පවුලේ 14 දෙනකුද ආසාදිතයන් බවට පත්ව තිබෙන අතර අවුරුද්දක් වයසැති කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බව සඳහන් වේ.‍

Related posts

Leave a Comment