ඔබේ පෙනීම දියුණු කර ගත හැකි ක්‍රම 10ක්.

ඔබ මාංශ පේශියක් භාවිතා නොකරන්නේ නම් එය දුර්වල වෙනවා කියල තමා වෛද්‍ය විද්‍යාවේදී විශ්වාස කරන්නේ. ඔබේ ඇස්වල මාංශ පේශි පුහුණු කර ඒවා නිසි ලෙස පිළිවෙලට තබා ගැනීම ඔබ කල යුතුයි. එවිට තමා ඔබට ඔබේ මාංශ පේශි ක්‍රියාකාරීව තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. වගේම මෙය ඔබේ ඇස් පෙනීමටත් බොහෝ වැදගත් වෙනවා. 

ඔබේ ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට උපකාරී වන ඉතා ඵලදායි ක්‍රම 10 ක් ඔබ වෙත රැගෙන ඒමට අද අපි සිතුවා. මේ ලිපියත් ඔබට බොහෝ වැදගත් වේවි. 

01.ඔබ වැළකී සිටිය යුතුයි  දිවා කාලයේදී ඔබේ ඇස් අධික ලෙස වෙහෙසට පත් කිරීමෙන්. මේ සදහා ඔබට පුළුවන්  මිනිත්තු කිහිපයක් ඔබේ ඇස් වසාගෙන සෑම පැය 2-3 කට වරක් විවේවේකයක් ලබා ගැනීමට. 

02. ඔබේ ඇස්වලට ව්‍යායාමයක් ලබා දීම දීමට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ  සඳහා භාවිතා කළ හැකි මූලික ප්‍රසිද්ධ ව්‍යායාම 16 ක් අපි ඔබට පහතින් දක්වලා තිබෙනවා. සෑම දිනකම දක්වා ඇති අනුපිළිවෙලට ඒවා සිදු කිරීමට අමතක කරන්න එපා. 

03. ඔබ කණ්නාඩි භාවිතා කරන කාලය අඩු කිරීමට පියවර ගන්න. ( කණ්ණාඩි භාවිතා කරනවා නම් පමණක්.) ඒවා නිතරම ඉවත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. 

04. ඔබේ ඇස්වලට සම්බාහනය සපයන්න මෘදු රවුම් චලිතයන්ගේ ආධාරයෙන්. පහත රූපයේ දැක්වෙන පරිදි ලකුණු 1 සිට 6 දක්වා ගමන් කිරීමයි ඔබ කල යුත්තේ. 

මතක තබා ගන්න මෙහිදී ඔබේ ඇස් මත තද කිරීමට ඔබේ මැද සහ දර්ශක ඇඟිලි භාවිතා කරන්න. ඔබට සුළු පීඩනයක් දැනිය යුතුයි ඔබ මෙය සිදු කරන විට. 

05. දුර බැලීමට සැමවිටම උත්සහ කරන්න. ඔබ එළිමහනේ ඇවිදීමට පිටත්ව යන විට මෙය උත්සහ කර බලන්න. 

06. කැරට් යුෂ පානය කිරීම හැකි සෑම අවස්ථාවකම සිදු කරන්න. 

එයට ඔලිව් තෙල් බින්දු එකක් හෝ දෙකක් එක් කිරීමෙන් මෙහි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. කැරට් යුෂ වල ඇති සෞඛ්‍ය සම්පන්න මූලද්‍රව්‍ය වඩාත් ඵලදායී ලෙස අවශෝෂණය කර ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙනවා. මෙයින් ඔබට නරක රසයක් ලැබෙන්නේත් නෑ. 

07. කෝමාරිකා යුෂ භාවිතා කිරීමෙන් සවස් වරුවේ ඔබට ඇති වෙන ඇසේ වේදනාව සමනය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් මීට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවීම වඩාත් සුදුසුයි. 

08. උණුසුම් ජලයෙන් ඔබේ ඇස් සෝදන්න ඔබේ ඇස් වෙහෙසට පත් වූ විට. 

09.  පරිගණකයක්, රූපවාහිනියක් හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් දෙස නොබැලීමට ඔබ උත්සහ කරන්න නින්දට යාමට  අවම වශයෙන් පැය දෙකකටවත් පෙර. 

10. ඔබේ ඇස් සහ මනස අවධානයෙන් සිටීමට උපකාරී වෙන ඇස් සඳහා ඉන්දියානු ට්‍රටක ව්‍යායාමය (Indian Trataka exercise) අත්හදා බැලීම සිදු කරන්න. 

ඉටිපන්දමක් වැනි විවෘත අවකාශයක තබා ඇති කුඩා ස්ථිතික වස්තුවකට මුහුණ ලා වාඩි වන්න. 

ඔබේ සියලු අවධානය ඒ කෙරෙහි යොමු කර තබා ගන්න ඔබේ ඇස් විශේෂ‍‍යෙන්ම. 

ඔබ ඇස් විවරව තබා ගැනීමට උත්සහ කරන්න. 

ඔබේ ඉලක්කය විය යුත්තේ ඔබේ මනසෙහි සහ මතකයේ වස්තුව පිළිබඳ ස්ථිර, සවිස්තරාත්මක රූපයක් තිබීමයි. 

ඉන්පසු ඔබේ ඇස් වසාගෙන, ඔබේ ඇහිබැම අතර ඇති අවකාශය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න

වස්තුවේ රූපය ඔබේ හිසෙහි තබා ගැනීමට උත්සාහ කරන්න

මිනිත්තු 10 ක් පමණ මෙය මෙසේ කරන්න. 

ඔබේ ඇස් වෙහෙසට පත්වීමට පෙර යම් දෙයක් පිළිබඳ පැහැදිලි ප්‍රතිරූපයක් ලබා ගැනීමයි මෙහි ඇති පරමාර්ථය. 

Related posts

Leave a Comment