එක් දිනක රිය අනතුරුවලින් මරණ 8ක්

මාර්ග අනතුරු හේතුවෙන් 24 වැනිදා දිනයේදී පමණක් පුද්ගලයින් 8 දෙනෙකු මරුමුවට පත්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ පුවත්පතට පවසා තිබේ.

මියගිය අයගෙන් බහුතරයක්ම යතුරුපැදිකරුවන් බවත් මීට අමතරව මියගිය අය අතර ත‍්‍රිරෝද රථයක ගමන්කළ පුද්ගලයෙකු හා පදිකයකු වන බවද හෙතෙම කීය.

සැමවිටම රිය පදවන විට මාර්ග නීති පිළිපදින ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සියලු රියැදුරන්ගෙන් ඉල්ලාසිටිය‍ේය.

Related posts

Leave a Comment