පොලිසියට කට්ටි පනිමින් සිටින හරීන් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිල්ලක් යොමු කර තිබුනේ පොලීසිය මඟහරිමින් පෞද්ගලික රෝහලක සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. ධනය ඇති නීරෝගි අයකුට වුවද පෞද්ගලික රෝහලක නේවාසිකව සිටිය හැකි වුවත් සාහසික අපරාධයක කරුණු වසන් කරමින් මෙලෙස ලෙඩ ඇඳක් මත හොරගල් ඇහිඳිය හැකිද යන්න ප්‍රශ්න කරමින් අදාළ පැමිණිල්ල යොමු කර ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යටත්ව වුවද රටේ නීතිය සෑම පුරවැසියකුටම සාධාරණ විය යුතු බැවින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිය ක්‍රියාවේ යොදවන්නැයි එම පැමිණිල්ලෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිසිය මඟහරිමින් අපරාධයේ සුලමුල සැඟවීමට කටයුතු කරන මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද එමඟින් ඉල්ලා ඇත. මෙය පුද්ගලයකුට එරෙහිව සිදු කරන පැමිණිල්ලක් නොව රටේ ආරක්ෂාව, ආර්ථිකය හා සෞභාග්‍යය බිඳ දැමූ සාහසික ත්‍රස්ත ක්‍රියාවක සුලමුල සොයා ගන්නා උත්සහයට අකුල් හෙළීම පිළිබඳව දක්වන විරුද්ධ වීමක් යැයි ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment