ගොවියා කැටුව පෙරට යන DPGV

දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවමින් මෙරට කෘෂි අස්වැන්න සහ එය පාදකකරගත් නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (DPGV) අදවනවිට මෙරට ගොවියා තුළ මෙන්ම පාරිභෝගිකයින් තුළ ද විශ්වසනීය නමක් හිමිකරගෙන ඇත. ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු ලෙසින් මෙරට සෑම මට්ටමකම ජනතාවට සමීප වෙමින් දිවයින පුරා විහිදුණු ගොවි නියෝජිත ජාලයක් පිහිටුවා ගැනීමට ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට මේ වන විට හැකියාව ලැබී ඇත. 

කාබනික කෘෂිකර්මාන්තය පෙරටු කොට ගත් මෙම ගමනේදී ගොවිතැන සඳහා යොමු වී සිටින ගොවි ජනතාවට තම වගා කටයුතු සදහා අවශ්‍ය දැනුම මෙන්ම ඔවුන්ගේ අස්වැන්න ද හොඳ මිලකට මිලදී ගැනීම හරහා කෘෂිකර්මාන්තයට නව ගැම්මක් ලබාදීමට ද ගොවි ජනතාවගේ ඉදිරි පරම්පරාව ද දියුණු තාක්ෂණ ක්‍රම ඔස්සේ ගොවිතැනට දිරිගැන්වීම ද සිදු කර තිබේ. ගොවීන්ගේ අතිරික්ත නිෂ්පාදන මිලදී ගෙන ගබඩා කරමින් අගය එකතු කළ ආහාර නිෂ්පාදන රැසක් ද මේ වන විට DPGV වෙතින් වෙළෙද පොළට නිකුත් කර ඇත. දේශීය ගොවි ජනතාවගෙන් ලබාගන්නා අස්වැන්න මුල් කොට ස්වභාවික කහ පේස්ට්, විජලිත ස්වාභාවික ආහාර නිෂ්පාදන, කුළුබඩු, විවිධ දේශීය සහ පාරම්පරික සහල් වර්ග, ස්වභාවික පළතුරු යුෂ ආදී නිෂ්පාදන රැසක් විදේශීය මෙන්ම දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් මේවනවිට සමත්වී ඇත. 

කැනඩාව, ජර්මනිය, ඇමෙරිකාව,  ඕස්ටේ්‍රලියාව  වැනි රටවල්වලට නිරන්තරයෙන් තම නිෂ්පාදන වසර ගණනාවක් මුළුල්ලේ අලෙවි කරමින් ජාත්‍යන්තර වශයෙන් ද කීර්ති නාමයක් දිනාගෙන සිටී. තව ද දේශීය ගොවි ජනතාවගේ නිෂ්පාදනවලට අවශ්‍ය සහතික කරණ කටයුතු සදහා යන වියදම් දරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට එම නිෂ්පාදන යොමුකිරීමට අවශ්‍ය වටපිටාව ද ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් වෙතින් ගොවි ජනතාවට සකස් කර දී ඇත. තම නිෂ්පාදන දේශීය වෙළෙඳ පොළට නිකුත් කිරීමේ ප්‍රධාන අලෙවි මධ්‍යස්ථානය ලෙස ඩී පී ග්ලෝබල් වෙන්චර්ස් විසින් බත්තරමුල්ල පන්නිපිටිය පාරේ Glo Shop & Cafe හැදින්විය හැකිය. Glo Shop & Cafe සදහා දේශීය සැපයුම්කරුවන් 100කට අධික ප්‍රමාණයක් තම නිෂ්පාදන ලබා දෙන අතර පාරිභෝගිකයන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, විශේෂයෙන් සුවිශේෂී නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව ඇත.  එපමණක් නොව දිවයින පුරා පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රදර්ශනාගාරවල මෙන්ම ඇසට්ලයින් ලීසිං ශාඛා වල පිහිටුවා ඇති DPG Agri & Farm Shop වෙතින් ද මෙම නිෂ්පාදන මිලට ගැනීමේ අවස්ථාව දිවයින පුරා පාරිභෝගිකයන්ට උදාකර දී ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment