අටමස් ගැබිනියක වූ සිය බිරි`දට ගිනි තබා මරා දැමූ බවට සැක කෙරෙන ඇයගේ ස්වාමියා යාපනය උඩුප්පිඩි පොලිසිය විසින් 25 දා අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි සින්දිජාන් රිෂිකා නමැති මෙම කාන්තාව දැඩි පිළිස්සුම් තුවාල සහිතව මීට දින දෙකකට ඉහතදී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ මියගොස් තිබේ.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්කි ලබා ගැනීමට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා කැද වූ අවස්ථාවේදී ඔහුගේ සිරුර පුරාම පිළිස්සුම් තුවාල තිබූ නිසා ඒ පිළිබ
දව ඇති වූ සැකය මත යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවම් පේ‍්‍රම්කුමාර් මහතා මේ පිළිබදව පොලීසියට දැන්වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි. ඔහු බිරි
ද රෝහල් ගත කළ අවස්ථාවේදී පවසා තිබුණේ තමන් නිවසේ නොසිටි අවස්ථාවක බිරි`ද සිරුරට ගිනි තබා ගෙන ඇති බවත් අසල්වාසීන් ඇයව රෝහල් ගත කොට ඇති බවත්ය. යාපනයේ උඩුප්පිඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.