චීනයේ ආරක්ෂක ඇමති දිවයිනට

ඊයේ (27) චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට  පැමිණ ඇත.  චීන ගුවන් හමුදාවට අයත් B – 4026 දරණ විශේෂ ගුවන් යානයෙන් ඒ මහතා සහ තවත් ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රී 10.50 ටය.  මෙරටට පැමිණි චීන ආරක්ෂක ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කලාපයේ ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment