පොලීසිය විසින් දිවයින පුරා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900 බවද අජිත් රෝහණ මහතා පැවසීය.
නිරෝධායන නීති උල්ලංඝනය කර 148ක් අත්අඩංගුවට
