තානාපතිවරු පිරිසක් සජිත් සමඟ අලුත් නාඩගමකට සැරසෙයි – ජිනීවා සමුළුවේදී ලංකාවට චෝදනා කල රටවල් ඒ අතර

අද දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බටහිර රටවල තානාපතිවරු කිහිපදෙනකු අතර හමුවක් පැවතුන බවට වාර්තා පළවූ අතර එහිදී කැනේඩියානු මහ කොමසාරිස් Mr. David McKinnon, ස්විට්සර්ලන්ත තානාපති Mr. Dominik Furgler, නෝර්වේ තානාපති Ms. Trine Jornli Eskedal, අමෙරිකා එක්සත් ජනපදය තානාපති Ms. Eleina B. Teplits, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය තානාපති Ms. Amanda Jewell යන පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන දේශපාලකයින් පිරිසක් සාකච්චාවක නිරත වී ඇත.

මෙම හමුවේදී අවධානය යොමුවූ කරුණු පිළිබඳව පැහැදිලි වාර්තාවක් නොමැති නමුත් පසුගියදා පැවති ජිනීවා මානව හිමිකම් සමුළුවේදී මෙරටට සහ ත්‍රිවිද හමුදාවට මානව හිමිකම් චෝදනා එල්ල කරමින් හා රටට එරෙහිව යෝජනා සම්මත කිරීම සඳහා මුලිකත්වය ගෙන ක්‍රියාකළ රටවල් වල තානාපතිවරුන් හදිසියේ මෙසේ විපක්ෂය හමුවීම යම් දේශපාලනික කුමන්ත්‍රණයක ඇරඹුමක් බවට දේශපාලන විචාරකයින් අදහස් පල කරනවා.

Related posts

Leave a Comment