වෝනර් සහ විලියම්සන් පූර්ණ PPE ඇඳුමින් සැරසී IPL තරග සඳහා දිල්ලියට පියාසර කරයි

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සහ ඔහුගේ කණ්ඩායම් සගයා වන නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් සම්පූර්ණ PPE ඇඳුම් කට්ටවලවලින් සැරසී දිල්ලිය බලා පියාසර කරන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කර තිබේ. ඒ මාරාන්තික කොවිඩ්-19 දෙවන රැල්ල මධ්‍යයේ ලාභදායී ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය පැවැත්විය යුතුද යන්න පිළිබඳ විවාදය තීව්‍ර වෙමින් තිබියදී ය. 34 හැවිරිදි වෝනර් සහ 30 හැවිරිදි විලියම්සන් මුඛ ආවරණ, මුහුණු ආවරණ සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇතුළු පූර්ණ PPE කට්ටලයකින් හිසේ සිට දෙපතුල දක්වා වසාගෙන ගමන් කරන ආකාරය එම ඡායාරූපයේ දැකිය හැකිය. කෙසේ වෙතත් IPL තරගවලට සහභාගී වී සිටින ඔස්ට්‍රේලියානු IPL තරුවලට එරට අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ආපසු සිය රටට යාමට තමන්ගේම විධිවිධාන යොදාගන්නා ලෙසයි.

Related posts

Leave a Comment