සිය මිල අධික මෝටර් රථය විකුණා, මහමඟ ජීවිතය ඉල්ලා හඬන මිනිසුන්ට පිහිට වන්නට ආ, “ඔක්සිජන් මිනිසා”

රෝහල් සහ සෞඛ්‍ය සේවා ඔක්සිජන් සැපයුම් හිඟයකට මුහුණු දීමත් සමඟ ඉන්දියාව මේ වන විට දුෂ්කර කාලයක් පසු කරමින් සිටිනවා. මේ හේතුව නිසාම මහමඟදී මරු වැළඳගන්නා පිරිස් ද බොහෝයි. ඔක්සිජන් හිඟය මධ්‍යයේ විදේශ රටවල් කිහිපයක්ද ඉන්දියාව වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මේ දුෂ්කර කාලය තුළ මුම්බායිහි පුද්ගලයෙකු ඔක්සිජන් අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා සිය මිල අධික මෝටර් රථය විකුණා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Shahnawaz Sheikh නම් මේ පුද්ගලයා මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රචලිතව ඇත්තේ “ඔක්සිජන් මිනිසා” (‘Oxygen man’) යන නමිනුයි. ඩොලර් ලක්ෂ 22ක් වටිනා සිය රථය විකිණූ Shahnawaz ඔක්සිජන් සිලින්ඩර 160ක් එයින් මිලදී ගත් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. තම මිතුරාගේ බිරිඳ ඔක්සිජන් නොමැතිකම නිසා අවසන් ගමන් ගිය පසු, තමා මේ තීරණය ගත් බවයි “ඔක්සිජන් මිනිසා” මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ. එතැන් පටන් ඔහු ඇතුළු පිරිසක් ඔක්සිජන් අවශ්‍ය අයට උපකාර කිරීම සඳහා “උපකාරක සේවයක්” පිහිටුවා තිබෙනවා.

Related posts

Leave a Comment