ඉන්දියාව දුෂ්කර අඩියක : මිතුරු ඇමෙරිකාව මග හරිද්දී දේශපාලන හතුරා චීනය ඔක්සිජන් අරන් පිහිටට එයි!

ඉන්දියාව ඉතා දුෂ්කර අඩියක.. නූතන විසාලා මහනුවරක් වෙලා..ඉන්දියාවේ දේශපාලනික මිතුරා ඇමෙරිකාව ඔවුන් අත්හැරලා..අවශ්‍යම කාර්මික ඔක්ෂිජන් හිගයක් නිසා ඉන්දියානුවො පරලොව යද්දි ඔවුන්ගේ පිහිටට එන්නේ ඔවුන්ගේ සෝ කෝල්ඩ් දේශපාලනික හ තුරා චීනය..

ඔවුන්ටත් තිබුනා අවශ්‍ය නම් ඉන්දියාව පරාජය කරලා අණසක යටතට ගන්න මේ අවස්තාව පාවිච්චි කරන්න.උදව් නොකර දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් ඉන්දියාව වැටෙන්න දෙන්න..ඇමෙරිකාව නම් කරන්නේ එහෙම.. ඔවුන්ට ජීවිත වලට වඩා දේශපාලනය වටිනවා.. හිරෝෂිමා, නාගසාකි බෝම්බ වල පටන් ඔවුන් ඉතිහාසය පුරාවටම එය ඔප්පු කර තිබෙනවා

නමුත් පෙරදිග සභ්‍යත්වය සහිත චීනය හිතන්නේ එහෙම නෙවෙයි..අතීත පෙරදිග සේද මාවතක් තිබිලා මුලින්ම අප්‍රිකාව ගවේෂණය කළේ චීන දේශාටකයො..හැබැයි ඔවුන් අප්‍රිකාවේ වෙළදම් කළා මිසක යටත් විජිත හැදුවේ නෑ.. සම්පත් සූරා කෑවේ නෑ.

ඔවුන්ට එය කිරීමට අවශ්‍ය බලය ඕනෑවටත් වඩා තිබුනා..පස්සේ සෝ කෝල්ඩ් ශිෂ්ඨ, මානව හිමිකම් අගයන යූරෝපීයයො අප්‍රිකාවට ගියා..අප්‍රිකාවේ මිනිස්සු බයිනේත්තුවෙන් සහ බයිබලයෙන් මර්ධනය කරලා ඔවුන්ගේ සම්පත් සූරා කෑවා..

ලෝකයේ ධනවත්ම වස්තූන් සහිත අප්‍රිකාව අද දුප්පත්ම මහද්වීපය..පුරාණ ශ්‍රි ලංකාවටත් යූරෝපියයන්ට කලින් චීන ජාතික දේශාටකයො ආවා.ඔවුන් සංස්කෘතිය ඉගෙන ගත්තා මිසෙක ඔවුන්ගේ අධිරාජ්‍යයේ බලය පාවිච්චි කරලා ලංකාව යටත් විජිත හැදුවේ නෑ.

ඒ පෙරදිග චීනය..පෙරදිග සභ්‍යත්වයේ සැබෑ මිතුරා..බටහිරයන්ට නූතන යටත්විජිතකරණයට ලෝකය යටත් කරන්න බැරි එකම හේතුව..ආසියාවෙන් ගොඩනැගිලා බටහිරත් පරද්දපු යෝදයා..ඊනියා මානව හිමිකම් නොව සැබෑ ප්‍රායෝගික මානව හිමිකම් අගයන, ෂැවොලිං ආරාමය මතින් ගොඩ නැගුනු ෆීනික්ස් පක්ෂියා..

අපේ කළණ මිතුරා..

ලංකාවේ අපිටත් මේක පාඩමක්.. බටහිර ඇජෙන්ඩාවට අහුවෙලා චීන ණය උ ගුල් ගැන කතා කරලා චීනය ඈත් කරගත්තොත්, දවසක කරදරයකදී උදව් කරන්න බටහිර එන්නෑ..ඔවුන් ලංකාව දිහා බලන්නේ ආර්ථික වටිනාකමෙන්.. මිනිස් ජීවිත වටිනාකමෙන් නෙවෙයි..

ඒ බටහිර චින්තනය හැදිලා තියෙන හැටි..හැබැයි හතුරාට වුනත් කරදරයක් වුනාම දුක් වෙන පෙරදිග මිනිස්සු වෙනස්..

චීනය එතනින් මනින්න

Related posts

Leave a Comment