විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබේන බවයි. අද (අපේල් 28) උදෑසන ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් එම ප්‍රාන්තයේ ඇතැම් ගොඩනැගිලි සහ නිවෙස්වලට හානි සිදු වී ඇති බවය. කෙසේ වෙතත්, භූ කම්පනයෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් එම අවස්ථාවේ වාර්තා වී නොමැත. උතුරු බෙංගාලයේ සහ ඊසානදිග අනෙකුත් ප්‍රදේශවලට ද එම භූ කම්පනය දැනී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව ඉන්දියානු ආපදා කළමනාකරණ ඒජන්සිය වාර්තා තක්සේරු කරමින් සිටින බවයි.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රබල භූ කම්පනයක්
