ගාල්ලේ පාසල් සිසුන් 43 කට කොරෝනා ආසාදනය වෙයි

පසුගිය සති දෙකක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28කට අයත් පාසල් සිසු දරු දැරියන් 43 දෙනෙකුට හා ගුරුවරුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා. මෙම ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 143 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා. නිරෝධායනයට ලක්කර අය අතර පාසල් සිසු දරු දැරියන් 41 දෙනෙකු ගුරුවරු 102 නෙකු සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment