නැෙඟනහිර ජැටිය විකිණීමක් හෝ බදු දීමක් නොවේ ආයෝජනයක් – කබ්රාල් කියන කතාව

කොළඹ වරායේ නැගෙනහිර ජැටියෙන් වැඩි වශයෙන්ම අපේක්‍ෂා කරන්නේ ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කිරීමට වන බැවින් එහිදී ඉන්දියාවේ සහාය ගැනීම වඩාත්ම සුදුසු විකල්පය බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (27දා) බත්තරමුල්ල වොටර්ස්එජ් හිදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

මෙම නැගෙනහිර ජැටියේ සේවය ලබා ගන්නා ලොකුම ගැනුම්කරු වන්නේ ඉන්දියාව බවත් ඒ නිසා මෙහි වෙළෙඳාම වැඩි වශයෙන්ම යොමුවන්නේ ඉන්දියාව දෙසට බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් අපේ රජයට ඉන්දියානු බලපෑමක් නැහැ. එහෙත් අපට ව්‍යාපාර කටයුතු බලෙන් කරන්න බැහැ. ඒ නිසා මේ ජැටියේ ප‍්‍රයෝජනය රටට ගත හැකි වනුයේ ඉන්දියාවත් සමඟ ඒ අයත් තෘප්තිමත් වන ලෙස කටයුතු කිරීමෙන් බව ද ඇමැති කබ්රාල් මහතා කීවේය.

අපේ පක්ෂය තුළත් මේ ගැන කතිකාවක් තියෙනවා. අප හැමෝටම විවිධ මත තියෙන්න පුළුවන්. එහෙත් අප යම්කිසි ස්ථාවර තැනකට එන්න ඕනෑ. සෑම මතයක් අනුවම කටයුතු කරන්න අපහසුයි. මෙය තවදුරටත් හොඳින් කරන්න පුළුවන් ක‍්‍රමවේද සහ යෝජනා තියෙනව නම් ඒ ගැන හොයල බලල කටයුතු කරන්නත් රජය සුදානම් බව ද ඇමැති කබ්රාල් මහතා කියා සිටියේය.

යෝජිත ආයෝජන එකඟතාව හරහා ශ‍්‍රී ලංකාවට සියයට 51 ක පාලන බලය හිමිවන බව ද මෙය නැෙඟනහිර ජැටියේ කොටසක් විකිණීමක් හෝ බදු දීමක් නොව ආයෝජනයක් බව ද අපට කාත් එක්ක ද ගනුදෙනු කරන්න සිදු වෙන්නේ යන යථාර්ථය අප තේරුම් ගත යුතු බව ද ඊයේ මාධ්‍යවේදීන් විසින් දිගින් දිගටම අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ දිනවල රුපියලට ඇති පීඩනය තාවකාලික එකක් බවත් එය ඉදිරි දිනවලදී සමනය වනු ඇති බවත් මේ මාධ්‍ය හමුවේ දී ‘දිවයින’ ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා තවදුරටත් පැවසීය.

Related posts

Leave a Comment