නව ප්‍රභේදය පැතිරයෑම සහ මරණ සිදුවීමේ ප්‍රතිශතය ඉහළයි

පැතිර යන කොවිඩ් ප්‍රභේදය පෙරට වඩා හානිකර බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවත්, එසේ නොවුණහොත් තත්ත්වය දරුණු විය හැකි බවත් සෞඛ්‍ය අංශ පවසනවා. දිවයිනේ මේ දිනවල සීඝ්‍රයන් පැතිර යන කොවිඩ් වෛරසය බ්‍රිතාන්‍යයේ පසුගිය කාලයේ විනාශකාරී ලෙස පැතිර ගිය වෛරස් ප්‍රභේදය බවට තහවුරු කරගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර අනාවරණ කළා.

නව ප්‍රභේදය නිසා මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55% දක්වා ඉහළ ගොස් ඇති බවත්, නව ප්‍රභේදය පුද්ගලයින් අතර පැතිර යාම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා. මෙම නව ප්‍රභේදය තවදුරටත් පැතිර යාම වැළැක්වීම සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment