ප්‍රථම සඳ තරණයට සහභාගීවූ “මයිකල් කොලින්ස්” මිය යයි

ඇපලෝ 11 චන්ද්‍රයා වෙත මෙහෙයවීමේ  නියමුවා වූ නාසා ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් මිය ගොස් තිබේ අවුරුදු 90 ක් වූ ඔහු දරුණු පිළිකා රෝගයකින් මිය ගිය බව ඔහුගේ පවුලේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. මයිකල් කොලින්ස්ගේ ෆේස්බුක් පිටුවේ තවදුරටත් මෙසේ සටහන්ව තිබිණි.  අපගේ ආදරණීය පියා සහ සීයා පිළිකාවක් සමඟ ඇති වූ දරුණු සටනකින් පසු අද අභාවප්‍රාප්ත වූ බව ප්‍රකාශ කිරීම ගැන අපි කනගාටු වෙමු. මයිකල් සැමවිටම ජීවිතයේ අභියෝගයන්ට කරුණාවෙන් හා නිහතමානීව මුහුණ දුන් අතර, ඔහුගේ අවසාන අභියෝගයටද ඒ ආකාරයෙන්ම මුහුණ දුන්නේය. 1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ විය තම පවුල තුළින් ලද ආදර්ශ හා පන්නරයන් නිසා ඔහු හමුදාවට එක් වූ බව සඳහන් වෙයි කොලින්ස් පැමිණියේ හමුදා පවුලකිනි.

ඔහුගේ පියා සහ සහෝදරයා එක්සත් ජනපද හමුදා ජෙනරාල්වරුන් වූ අතර ඔහුගේ මාමා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා විය. ඔහු ඒ වෙනුවට එක්සත් ජනපද ගුවන් හමුදාවට හොරෙන් යන්න තීරණය කළේය. 1961 දී කොලින්ස් කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ එක්සත් ජනපද ගුවන් හමුදා ටෙස්ට් නියමු පාසලේ ශිෂ්‍යයෙක් ලෙස එක් විය 1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ විය. ඔහු දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ ජෙමිනි 10 යි. ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්විය. මයිකල් කොලින්ස්  දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වූ ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි විය  එබැවින් බොහෝ දෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ ගගනගාමියා’ ලෙසය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Michael Collins: The lucky, grumpy astronaut - The Boston Globe
DiD Apollo 11 Astronauts Neil Armstrong + Buzz Aldrin + Michael Collins  (Combo Pack)

Related posts

Leave a Comment