ඔබේ සමට ඔලිව් තෙල් ආලේප කිරීම නිසා ලැබෙන ප්‍රයෝජන 5ක්.

ඔලිව් තෙල් කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි තෙල් වර්ගයක්. මෙය ආහාර පිසීම සදහා පමණක් නොවේ ඔබේ සම සහ හිසකෙස් සඳහාද මෙය ඔබට බොහෝ වැදගත් වෙනවා. මෙහි විටමින් ඊ, විටමින් සී, ප්‍රතිඔක්සිකාරක වැනි දේවල් අන්තර්ගත වෙනවා. මේ නිසා ඔබට මෙය සම ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කරන්න පුළුවන්. මෙහි තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා බොහෝමයක් රූපලාවන්‍ය නිෂ්පාදන සදහාද මේ ඔලිව් ඔයිල් භාවිතා කිරීම සිදු කරනවා. ඉතින් මේ නිසා අද අපි ඔබට රැගෙන එන්න හිතුවා මේ ඔලිව් ඔයිල් වල තිබෙන ප්‍රතිලාභ කිහිපයක්. ඔබේ සුන්දරත්වය ගැන වද වන ඔබටත් මෙය වැදගත් ලිපියක් වෙනවා නම් නොඅනුමානයි. 

ඔලිව් තෙල් ඔබේ සම මත ක්‍රියා කරන ආකාරය

01. අත්‍යවශ්‍ය මේද අම්ල හා ප්‍රතිඔක්සිකාරක මෙහි අන්තර්ගත වෙන නිසා මෙය ඔබේ සම මෘදු කර පෝෂණය ඔබේ සමට ලබා දෙනවා. ඒ වගේම මෙය ඔබේ සමට අගනා  මොයිස්චරයිසින් එකක් ද ලබා දෙනවා. ඔබ කල යුත්තේ ඔලිව් තෙල් සම්බාහනය සිදු කිරීමයි.  රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට වගේම සම ක්ෂණිකව මෘදු කර තානය ඉවත් කිරීමටද මෙය ඔබට යොදා ගන්න පුළුවන්. 

02.  ඔබේ සම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට ඔලිව් තෙල් වලට සම්බන්ධ වෙන්න පුලුවන්.ඔබ ඔලිව් තෙල් වලින් ඔබේ සම සම්බාහනය කල විට  එය සිදුරු තුලට විනිවිද ගොස් ඔබේ සම පිරිසිදු කිරීම සිදු කරනවා. සම්බාහනය සිදු කර අවසන් වී ඔබේ සම පිරිසිදු ජලයෙන් සෝදා හරින්න අමතක කරන්න එපා. 

03. ඔබට ඔලිව් තෙල් යොදා ගෙන ඔබේ මේකප් ඉවත් කර ගත හැකිය. ඔබට කපු බෝලයක් භාවිතා කර ඔබේ සමට බාධා නොකර ඔබේ මේකප් පිස දැමීමට හැකි ඔලිව් තෙල් භාවිතා කර. ඒ වගේම එය සම මෘදු කරන අතර අපද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදු කරනවා. 

04.  ටි ට්‍රි ඔයිල් බින්දු 10 ක් හෝ දුඹුරු සීනි මේස හැන්දක් සමඟ තෙල් මේස හැන්දක් මිශ්‍ර කර මෙය ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කිරීමට ඔබට හැකි‍යාවක් තිබෙනවා. ඔලිව් තෙල් කෙස් කළඹට උපකාරී වන බව අමතක කරන්න එපා. 

05. ඔලිව් තෙල් වලින් ඔබේ සමට ස්ථිරසාර ප්‍රයෝජන ලබා ගත හැකි බැවින් එය දිනපතාම භාවිතා කිරීම තුළින් ඔබට බොහෝ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. විශේෂ‍යෙන්ම ඔබේ සමේ පෙනුම වැඩි දියුණු කර ගත හැකී. 

Related posts

Leave a Comment