මම තමයි එන ඡන්දයෙදිත් උතුරේ මහ ඇමැති අපේක්ෂකයා

දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ඊයේ (29)දා පැවසුවේ මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරේ මහ ඇමැති ධුර අපේක්ෂකයා තමා මිස වෙනත් අයකු නොවන බවයි. යාපනයේ මාටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

”උතුරේ මහ ඇමැති ධුරයට එක් එක් අය පත් කරවන්න බොහෝ දෙනකුට වුවමනාවක් තියනවා. මේ වුවමනාව තියෙන්නේ කොළඹ ඉදලා යාපනයට ඇවිත් මෙහෙ දේශපාලනය කරන පිරිසකට මිසක් උතුරේම ජීවත් වෙන අයට නම් නෙමෙයි.විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ දවස්වල වේලන් සාමිවරයා මේ තනතුරට සුදුසුයි කියලා ඔහුව තෝරගෙන වෙනම ගමනක් යනවා. වේලන් සාමිවරයත් ඒකට කැමැත්ත පළ කරලා තියනවා. නමුත් උතුරේ මහ ඇමැති ධුරයට පත් වෙන්න ඕනේ සිල් රකින කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව ඉතා බරපතළ තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.

පාරවල්වල ලඟින්න උද්ඝෝෂණ කරන්න පොලිස් අත්අඩංගුවේ ඉන්න මේ හැම දේකටම මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒත් ඒක එයාලගේ කැමැත්ත නේ.දෙමළ ජාතික සන්ධානය දැනටමත් තීරණය කරලා තියෙන්නේ මාව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකය කරන්නයි.මේක මට පසු ගිය වතාවෙයි පක්ෂයෙන් ලැබුණේ. ඒත් විග්නේශ්වරන් මන්ත්‍රීවරයාට මහ ඇමැති වෙන්න අවස්ථාවක් දෙන්නයි මම නිහඬ වුණේ. අවසානයෙදි වෙච්ච දෙයක් නෑ උතුරේ ඉපදුණු උතුරේ ජනතාවත් එක්ක එදා ඉදලා දේශපාලනය කළ මට උතුරේ ජනතාවගෙන් විශාල සහයෝගයක් තිබෙනවා. ඒක නිසා ඒ අවස්ථාව මම මඟ හරින්නේ නෑ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment