A/C කාමරවල කොරෝනා පැතිරීම වේගවත්

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ වායුසමීකරණය කළ ස්ථානයන්හි කොවිඩ් – 19 වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි පුද්ගලයන් කිහිපදෙනකු ගැවසෙන ස්ථානයන්හි දොර ජනෙල් විවෘත කර හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස පසුබිම සකස් කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය. පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වඩා වැඩි දෙනකු කතාබහ කරන විට අනිවාර්යයෙන්ම නිසි ලෙස මුව ආවරණය පැලඳීම කළ යුතු බවත් දැනට පවතින වයිරසය ව්‍යාප්ත වීමේ වේගය වැඩි නිසා වයිරසයෙන් ආරක්ෂා වීමට ජනතාව වග බලා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. ජනතාවගේ හැසිරීම මත වයිරසය තව දුරටත් ව්‍යාප්ත වන්නේද නොවන්නේ ද යන්න තීරණය වන බවත් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා ස්වයං පාලනයක් පවත්වා ගත යුතු බවත් හෙතෙම පැවසීය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment