චෙන්නායි උඩ එයි

IPL ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් වෙයි. තරගාවලියේ 23 වැනි තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව කඩුලු 7ක් ජයක් සමඟින් චෙන්නායි පිල (10) පෙරමුණට පිවිසියේය. චෙන්නායි පිල තරග 6කදී හිමිකරගත් 5 වැනි ජය මෙය වන අතර, හයිද්‍රාබාද් පිල ලැබූ 5 වැනි පරාජය ද මෙයයි. දිල්ලිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් හයිද්‍රාබාද් පිල ලකුණු 171ක් රැස් කළ අතර, චෙන්නායි පිල එම ඉලක්කය පසු කළේ එම ඉලක්කය හඹා ගිය චෙන්නායි පිල පන්දු 9ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment