වහාම ඉන්දියාවෙන්න පිට වෙන්න! – ඇමරිකාව සිය පුරවැසියන්ට දැනුම් දෙයි

මේ වන විට ඉන්දියාවේ රැදී සිටින ඇමෙරිකානු පුරවැසියන්ට ඇමෙරිකා එක්සත් ජනපදය රජය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

ඇමෙරිකානු රජය සිය පුරවැසියන්ට දන්වා සිටින්නේ වහාම ඉන්දියාවෙන් පිටවන ලෙසටයි.

එමෙන්ම ඉන්දියාවේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් සිව්වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ ඉන්දියාව තුළ මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවේශය සීමා කර ඇති බවයි.

ඉතා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාවට ඔවුන්ගේ පුරවැසියන්ට ද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ද මේ වන විට අසීරු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් සිය රට වැසියන්ට ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය දැනුම් දී ඇත.

ඉන්දියාවේ සිටින ඇමෙරිකානුවන් එරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් විශේෂ ගුවන් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද ඇමෙරිකානු රජය කඩිනම් පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

Leave a Comment