ගත වූ පැය 24 ලොව වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන්

ගතවූ පැය විසි හතරේත් ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවනවා. නව මරණ 3,501 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 208,313 ක් දක්වා ඉහළ ගිය අතර, වාර්තාගත ආසාදිතයන් 386,829 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 18,454,925 (එක් කෝටි අසූ හතර ලක්ෂයක්) ලෙසයි. පවතින තත්වය හමුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා. මේ අතර ජනප්‍රිය බොලිවුඩ් නළු 74 හැවිරිදි රන්දිර් කපූර්ටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

Related posts

Leave a Comment