දිනක් තුල මෙරට හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා. එම සංඛ්‍යාව 1531 ක් වන අතර මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 1466 දෙනෙකු වාර්තා වී තිබුනේ පෙරේදා (28) දිනයේදීයි. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 106,484 ක් වන අතර ඉන් 95,445 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10372 ක් වනවා. මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 06 ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 667 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related posts

Leave a Comment