ශ්‍රී ලංකාවේ මැටිල්ඩා කාල්සන්ට ඔලිම්පික්‌ වරම්

මැටිල්ඩා කාල්සන් ”2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල” සඳහා සුදුසුකම් ලැබූ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාව බවට පත් වී ඇත.
 
 තුරඟ හරඹ – අසුන් පැන්නීම තරග ඉසව්ව සඳහා කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමට අදාළ පරිසාධන මට්ටම සලකා බැලීම පිණිස පසුගිය 25 වැනිදා පැවැති තරගයෙන් මැටිල්ඩා අවශ්‍ය පරිසාධන මට්ටමට පැමිණීමට සමත් වී ඇත. ඒ අනුව මැටිල්ඩා ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ තුරඟ හරඹ – අසුන් පැන්නීමේ තරග සඳහා තෝරාගත් බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ශී‍්‍ර ලංකාවට පෙරේදා (28 වැනිදා* දැනුම් දී තිබිණි. ශී‍්‍ර ලංකා අශ්වාරෝහකයන්ගේ
 
 සංගමයේ සභාපති සුරන්ජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කළේ මෙය ශී‍්‍ර ලංකාවට ඉතා වැගත් අවස්ථාවක් බවයි.
 
 මහනුවර උපත ලද මැටිල්ඩා කාල්සන් සහ ඇයගේ චොපින් අශ්වයා මේ අනුව 2020 දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් නියෝජනය කරනු ඇත. මේ වනවිට මැටිල්ඩා 37 වැනි වියේ පසුවන්නීය.

Related posts

Leave a Comment