අවශ්‍ය උනොත් නිරෝධායන මධ්‍යස්ථාන, ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරනවා

කොවිඩ් 19 රෝගීන් වාාර්තා වීම තවදුරටත් වර්ධනය වුවහොත්, දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන ස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් ‍බවට පත් කිරීමට සූදානම් බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

ඇමතිවරිය සඳහන් කරන්නේ දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල් සැළකිය යුතු ප්‍රමාණයක් රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා තිබෙන අතර මේ නිසා අලුතෙන් ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට සිදුව තිබෙනවා.

මීට පෙර හඳුනා ගන්නා බහුතරයක් ආසාදිතයන් රෝග ලක්ෂණ‍ පෙන්නුම් නොකළ නමුත්, මෑතක සිට හමුවන ආසාදිතයන් බහුතරයක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් තිබෙනවා.

Related posts

Leave a Comment