බදියුදීන්ව පාර්ලිමේන්තු එවන්න – වේත්‍රධාරි CIDයට ලියයි

අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කරන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළ හොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි මේ දැනුම් දීම කර තිබේ. මේ මස 4 සහ 5 යන දිනයන්හිදි පෙරවරු 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් පෙරවරු 9.30 වන විට මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැටුව ඒමට කටයුතු කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතු කොට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ආ යුතු බවද ප්‍රනාන්දු මහතා විසින් වැඩි දුරටත් දන්වා ඇත.

Related posts

Leave a Comment