යහපාලන ආණ්ඩුව විසින් අභූත චෝදනා එල්ල කරමින් සිරගත කර සිටින හමුදා සහ පොලිස් බුද්ධි අංශ සාමාජිකයන් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් ෙජනරාල් කමල් ගුණරත්න මහතා දිනමිණට ඊයේ (30) පැවසීය.
වැරදි කර ඇති බවට තහවුරු වී ඇති බුද්ධි අංශ නිලධාරීන්ට නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් වැරදි නොකර බොරු චෝදනා මත අත්අඩංගුවේ පසු වන සහ සිරගත කර සිටින බුද්ධි අංශ සාමාජිකයන්ට සාධාරණයක් ඉටු කිරීම හිටපු හමුදා නිලධාරියකු වශයෙන් තමාගේ වගකීම බවත් හෙතෙම අවධාරණය කළේය.
රට වෙනුවෙන් අනන්තවත් කැප කිරීම් කළ හමුදා බුද්ධි අංශ නිලධාරීන් රකිනවා වෙනුවට ඉකුත් ආණ්ඩුව ඔවුන්ව සිරගත කරනු ලැබූ බවත් වර්තමාන ආණ්ඩුව විසින් මේ වරද නිවැරදි කිරීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය.