කෝටි 32ක රත්රන් කටුනායකදී කොටු

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්, රුපියල් තිස් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 317 ක් ) වටිනාකමකින් යුත් කිලෝග්රෑම් 26ක් බර, රත්රන් තොගයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යෑමට සූදානම් වී සිටියදී ඊයේ (30) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ මෙතෙක් කර ඇති වැඩිම වටිනාකම සහිත රේගු වැටලීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා දිනමිණට පැවසීය. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් දීර්ඝ කාලයක් ආවේක්ෂණ රාජකාරිවල නියැළී සිටීමෙන් පසු මේ අත්අඩංගුවට ගැනීම කර තිබේ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment