ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඊයේ (30) පැවසුවේ, මෙරට ව්‍යාප්ත වන නව කොවිඩ් – 19 වයිරස් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට අන්තර්ජාතිකව හඳුනා ගත් පරීක්ෂණ වාර්තාවලින් තහවුරුව ඇති බවයි. මෙරටින් වාර්තා වන එංගලන්ත ප්‍රභේදය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳින්නේ නම් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි බවද ඒ මහතා කීවේය.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
” නව ප්‍රභේදය වාතයෙන් බෝ වෙනවා ” ජගත් පරීක්ෂණවලින් තහවුරු වේ
