සංගයි මහේලයි ලංකාවේ ක්‍රිකට් විනාශ කළා – ඔවුන් මේකට වගකිව යුතුයි – අර්ජුන

හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට ඔවුන් වග කිව යුතු බවත්හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.

Related posts

Leave a Comment