නිරෝධායන නීති කැඩූ 187ක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද (02) උදෑසන 06.00න් අවසන් වු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 12ක සිදුකළ සෝදිසිවල දී නිරෝධායන නීති උල්ලංඝනය කර රථවාහනවල ගමන් ගත් පුද්ගලයන් 250 දෙනෙකුට අවවාද කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment