ඊයේ දිනයේ කොවිඩ් මරණ 09 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඊයේ (02 ) දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 09 ක් වාර්තා වූ බවයි. මෙම මරණ 09 සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 696 ක් දක්වා ඉහළ ගොස් ඇත මෙලෙස මිය ගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 94 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, ලෙව්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, තැන්නෙකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්,  මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කත්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වරකාමුර ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment