අගමැති අතින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය ජනතා අයිතියට

පසුගිය දා (30) නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලයීය ගොඩනැගිලි සංකීර්ණය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. රුපියල් මිලියන 1480ක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිලි සංකීර්ණය ශ්‍රවනාගාරයක්, ආපන ශාලාවක් සහ රථගාලක් ඇතුළුව මහල් දොළහකින් සමන්විත වේ. නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ අගමැතිවරයා, අනතුරුව පැවති සෙත් පිරිත් සජ්ඣායනාව ශ්‍රවණය කළේය. මෙහි දී අනුශාසනාවක් පැවැත්වූ බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන විහාරය ඇතුළු විහාරගණයේ අධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක බොරැල්ලේ අතුල නායක හිමියෝ අගමැතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යයන් සඳහා ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව කීහ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපේ ජාතික වස්තුවක්. එතුමාට නිර්මල දළදා වහන්සේගේත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත් ආශිර්වාදයෙන් නිරෝගී සුවය චිරජිවනය ලැබේවා ! යැයි ප්‍රාර්ථනා කරන බව කියාසිටියහ.

මෙම අවස්ථාවට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි, නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මයාදුන්න, වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම්, අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහත්වරු සහ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ අධිපතිතුමන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment