උතුරු කොරියාව, බයිඩන් පරිපාලනය සමඟ ගැටේ

ප්යොංයැං සහ එහි න්‍යෂ්ටික වැඩපිළිවෙළ සමඟ ගනුදෙනු කිරීමේ උපාය මාර්ගය එළිදැක්වීමට සූදානම් වෙමින් සිටින බයිඩන් පරිපාලනයට උතුරු කොරියාව මතවාදීව පහර දී තිබේ. ජනාධිපති ජෝ බයිඩන් “සතුරු ප්‍රතිපත්තියක්” පවත්වාගෙන යෑමට අදහස් කරන බව වොෂිංටනයේ මෑත කාලීන ප්‍රකාශවලින් පෙනී ගිය බව උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශය පවසයි. මේ සතිය මුලදී බයිඩෙන් මහතා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ගෝලීය ආරක්ෂාවට “බරපතළ තර්ජනයක්” ලෙස හැඳින්වීය. එක්සත් ජනපද ප්‍රතිපත්තිය පිළිබඳ සමාලෝචනයක් අවසන් කර ඇති බව ප්‍රකාශක ජෙන් සාකි සිකුරාදා ප්‍රකාශ කළ අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ අත්හැර දැමීමට උත්සාහ කළ හා අසාර්ථක වූ පෙර පැවති අමෙරිකානු පරිපාලන හතරේ අත්දැකීම්වලින් බයිඩන් මහතා ඉගෙන ගත් බව ප්‍රකාශ කළේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment