අද සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කෙරේ

අද අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම සීමා කිරිම හෙට සිට දින 14 ක කාලයක් සඳහා වලංගු වන අතර රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

Leave a Comment