මම අලි-මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේ කිසිම ආණ්ඩුවකට විසඳුමක් දීමට නොහැකි වූ ජනතාව පීඩාවට පත්කරනු ලබන අලි මිනිස් ගැටුමට සමඟි ජනබළවේග රජයක් යටතේ ස්ථීරසාර තිරසර විසඳුමක් දෙන බවයි. නොච්චියාගම හොරුවිල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේ දී පසුගියදා ජනතාව සමඟ පැවති පිළිසඳරකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා එහිදී තවදුරටත් මෙසේ ද පැවසීය.

” අලි මිනිස් ගැටුම් නිසා නිවාස හානි, වගා හානි, දේපළ හානි වගේම ජීවිත හානි සිදුව තිබෙනවා. ඒ වගේම වන අලින්ටත් හානිකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අලි මිනිස් ගැටුමට සමඟි ජනබලවේග රජයක් යටතේ ස්ථීරසාර තිරසර විසඳුමක් දෙනවා. ජාතික වනෝද්‍යන කේන්ද්‍ර කරගෙන ඒ අවට ඇති ගම්මාන ශීඝ්‍ර දියුණුවක් ලැබිය යුතුයි. නමුත් එය එසේ සිදුව නැහැ. ලෝකයේ බොහෝ රටවල ජාතික වනෝද්‍යන ආශ්‍රිත ගම්මාන පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්ත තුලින් විශාල දියුණුවක් ලබා තිබෙනවා. නමුත් ඒ දියුණුව විල්පත්තුව ආශ්‍රිත ගම්මාන තුල සිදුව නැහැ. මේ අවට ජනතාව විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ජාතික වනෝද්‍යානයෙන් විශාල ආදයමක් ලැබිය හැකියි. ඒ හරහා වියයුතු සංවර්ධනය මේ ගම්මාන තුල සිදුව නැහැ .සංචාරකයො මේ ගම්මාන හරහා ගමන් කළාට ඒ ප්‍රථීලාභ මේ ගම්මානවලට ලැබී නැහැ. අපේ රජයක් යටතේ ජාතික වනෝද්‍යාන විශාල ලෙස විදේශ විනිමය ලබන තත්වයට පත් කරමින් ඒ ප්‍රථිලාභ අවට ගම්මාන සඳහාත් ලැබෙන ක්‍රම වේදයක් ඇති කරණු ලබනවා. “

යැයි පැවසුවේය.

Related posts

Leave a Comment